ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) අර්බුදය දකුණු කොරියාව , තාය්ලන්තය සහ ඉන්දුනීසියාව යන රටවලට ඉතා තදින් බලපෑ අතර ලාඕසය හා පිලිපීනය වැනි රටවල විශේෂයෙන් දුප්පත් මිනිසුන් හට විශාල හානියක් සිදුකරන ලදී .එම රටවල සියලුම මිනිසුන් ජා .මූ .අ සහ ලෝක බැංකුවේ සංකල්පය යටතට ගෙනැවිත් තිබුණි .
1997 අර්බුදයට පසුව සිදු කෙරුණු කරුණු විමසා බැලීම්වල දී බොහෝ ආර්ථික විද්වතුන් අධිවේග ධනේශ්වරකරණය පිළිබඳව ජා .මූ .අ විවේචනයට ලක් කෙරිණි .ඒ යටතේ ප්‍රාග්ධනය ගලායාමට එරෙහිව තිබූ බාධක ඉවත් කිරීම පෞද්ගලිකරණය ඉදිරිපත් කිරීම විදේශීය ආයෝජකයන් සහ බැංකු ප්‍රාග්ධන වෙළඳපොල වෙත ආකර්ෂණය කරගැනීම සඳහා වැඩි පොළී අනුපාත , දේශීය මුදල් ඒ ඩොලරය හමුවේ පාවෙන්නට හැර එම අවදානම් තත්වය යටතේ හෙජ් කිරීම (පසු ගිය දිනවල හෙජිං ගිවිසුම යනුවෙන් ශ්‍රී ලංකාවේ මහත් ආන්දෝලනයට ලක්වුවේ ද මෙවැනිම හෙජ් කිරීමකි ) වැනි දෑ ක්‍රියාත්මක වුණි .මෙහි සැඟවුණු අරමුණ වන්නේ ඩොලරය ස්ථාරවර කිරීමයි .ඒ සමගම උද්ධමනය සහ ජා .මූ .අ විසින් පනවන ලද වැඩි පොළී අනුපාත හේතුවෙන් භාණ්ඩ හා සේවා මිල ඉහළ යන්නට විය .මෙය නොබිඳිය හැකි තත්වයකි .රටවල් එකක් පසුපස එකක් වශයෙන් කඩා වැටෙද්දී ජාතික රජයන්ට සහ දේශීය වෙළඳාමට ණය ගෙවීමට නොහැකි වීම නිසා එම ණය මුදල් එකතු වූයේ ඇමෙරිකානු ඩොලර් වලිනි .රටවල ආදායම දිගින් දිගටම අඩු වෙමින් පැවති අතර සහ ඒවා ලැබෙන්නේද අවප්‍රමාණ වූ දේශීය මුදල් වලිනි . ජා .මූ .අ මෙම රටවල් සහ ඒවායේ ව්‍යාපාර බදු ගෙවීමට මෙහෙයවූ අතර සුවිසල් ජාත්‍යන්තර සමායතන හිමිකරුවෝ එහි වාසි ලැබුහ .
තත්වය වඩාත් බරපතල වෙද්දී ජා .මූ .අ ගලවාගැනීමේ සැලැස්මක් ඉදිරිපත් කරන ලදී .ණය ගෙවාගත නොහැකි රටවල් සඳහා ණය ගෙවීමට ණය මුදල් ලබාදෙන ලදී .කෙසේ වෙතත් ඒ සඳහා කලින් ඉන්දුනීසියාවට ඉදිරිපත් කළාක් වැනි ව්‍යුහාත්මක සීරුමාරු වැඩසටහන් වලට එකඟ වීම කොන්දේසියක් විය .එම වැඩසටහනෙහි අනිවාර්ය අංග ලෙස දේශීය බැංකු සහ මුල්‍යායතන කඩාවැටෙන්නට හැරීම , රාජ්‍ය වියදම් දැඩිලෙස කප්පාදු කිරීම ,ආහාර සහ ඉන්ධන සහනාධාර මෙන්ම දුප්පතුන්ට ලබාදෙන අනෙකුත් සහනාධාර කපා හැරීම සහ පොළී අනුපාතයන් තවදුරටත් ඉහළ නැංවීම ඇතුළත් විය .තවද බොහෝ රටවලට ඔවුන්ගේ ජාතික සම්පත් පෞද්ගලිකරණය කරන ලෙස හෝ බහුජාතික සමායතන වලට විකුණා දමන ලෙසට හෝ බල කෙරුණි .ඒවායේ ඍජූ ප්‍රතිඵල ලෙස මිනිසුන් විශේෂයෙන් දරුවෝ අප්‍රකාශිත සංක්‍යාවක් බඩගින්න ලෙඩරෝග සහ මන්දපෝෂණය නිසා මියගියහ .තවත් බොහෝ දෙනා දිර්ඝකාලින ප්‍රතිඵල වන සෞක්‍ය ,නිවාස සහ වෙනත් සමාජ සේවා අහිමි වීම නිසා පෙළෙන්නට විය .
ආසියාවෙන් ආරම්භ වූ කඩාවැටීම ගෝලීය තත්වයක් දක්වා වර්ධනය විය .යුරෝපයේ ,දකුණු ඇමෙරිකාවේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ද පසුබෑමක් ඇතිවිය .දේශීය මිනිසුන්ට සහ ආර්ථිකයන්ට දිරි නොදෙන ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකළ යුතු බවට මෙය හොඳ පාඩමකි .එය ජා .මූ .අ සහ ලෝක බැංකුව පිළිබඳවද දැවැන්ත පණිවිඩයක් රැගෙන ආවේය .
විශ්ලේෂණ වලින් හෙළිදරවු වුයේ ජා .මූ .අ උපදස් අනුගමනය නොකළ රටවල් මෙම අර්බුදයට වඩාත් හොඳින් මුහුණදුන් බවයි .ඒ සඳහා හොඳම උදාහරණය චීනයයි .ජාත්‍යන්තර ආයෝජකයින් දිරිගැන්වීම සඳහා ප්‍රතිපත්ති සකසුවද බෙයිජිං නුවර අනුගමනය කළේ ජා .මූ .අ නිර්දේශ කල මාර්ගය නොවේ .ජාත්‍යන්තර කර්මාන්තශාලා වලට යොමු කල අතර ඒවා කොටස් වෙළඳපොළට යෙදවූයේ නැත.එමගින් අනාගත ප්‍රාග්ධනය පියඹා යාමට එරෙහිව රට පරිවරණය කරන ලදී .එමෙන්ම අතුරැ ඵල ලෙසින් ලැබෙන වාසි නොව රැකියා ලබාදෙන ලදී .ඉන්දියාව ,තායිවානය සහ සිංගප්පූරුව ජා .මූ .අ නොවූ අතර එම රටවල ආර්ථික ශක්තිමත්ව ඉතිරිවුණි.මැලේසියාව මුලින් ජා .මූ .අ නිර්දේශ අනුමත කල අතර පසුබෑමට මුහුණදෙන්නට සිදුවිය .පසුව ඔවුන් ව්‍යුහාත්මක සීරුමාරු වැඩසටහන් වලට පශ්චාත් භාගය හරවා යළි ස්ථාවර වුණි .
චීනය විසින් ටිබෙටය අල්ලාගැනීම අන්තර්ජාතික මුල්‍යයන්ගේ නව ඒකාධිපතිවාදය විසින් බලය පැහැරගැනීමට වඩා බෙහෙවින් අවංක බව සිතන්නට මා පෙළඹිය .චීනුන් ඊට කලින් රෝමානුවන් ,බ්‍රිතාන්‍යන් කලාක් මෙන් විවුර්තවම ටිබෙටය ආක්‍රමණය කර තිබේ .එහි අප්‍රකට කිසිත් නැත .
No comments:
Post a Comment